අඹන්පොල පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ, අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස තුවාල ලැබූ පිරිසෙන් කාන්තාව 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අඹන්පොල රෝහලට ඇතුලත් කර ඇති අතර, තවත් කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ගල්ගමුව රෝහලටත් ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් වන අතර, අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content