2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන් සම සත්කාරකත්වය දරන අමෙරිකානු කණ්ඩායම පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුදුකම් ලැබූ පළමු රට බවට පත්වීමටයි එංගලන්තයට හැකි වුණේ.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 115ක් රැස් කළා.
එහිදී නිතිෂ් කුමාර් ලකුණු 30ක් සහ කොරේ ඇන්ඩ්‍රසන් ලකුණු 29ක් රැද් කිරීමටයි සමත් වුණේ.
අගනා පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 10ට කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 04ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ජොස් බට්ලර් පන්දු 38දී නොදැවී ලකුණු 83ක් සහ පිල් සෝල්ට් පන්දු 21දී නොදැවී ලකුණු 25ක් රැස් කළා.

WhatsApp Group

Skip to content