අමෙරිකාවේ මේන් ජනපදයේ ලුවිස්ටන් – මේන් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි රොබට් කාඞ් නම් පුද්ගලයෙකු බවයි.

එමෙන් ම ඔහු මීට පෙර මේන් ප්‍රාන්තයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරන බවටද තර්ජනය කොට තිබුණා.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ලුවිස්ටන් පොලීසිය සඳහන් කර ඇත්තේ.

අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

WhatsApp Group

Skip to content