අමෙරිකාවේ ඉදිකළ විශාලතම හින්දු කෝවිල ලබන මාසයේදී මහජනතාවට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

අක්කර 183 ක ප්‍රදේශයක මෙම කෝවිල ඉදිකර ඇති අතර ඒ සදහා වසර 12 ක කාලයක් ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම කෝවිල ඉදිකිරීම සදහා අමෙරිකාව පුරා ස්වේච්ඡා සේවකයින් 12,500 කට වැඩි පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

මෙය අක්කර 500 ක් පුරා පැතිර ඇති යුනේස්කෝ ලෝක උරුම අඩවියක් වන කාම්භෝජයේ ඇන්කෝර් වොට් විහාරස්ථානයට පසු විශාලතම විහාරස්ථානයන්ගෙන් එකක් විය හැකි බවට මේ වන විට මත පළ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content