අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දියාවේ බැංග්ලෝර්හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමේ අමෙරිකානු ප්‍රධානියා ලෙස ඔහු දිනයේ සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දියාවේ ද සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content