අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් අද අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීම මෙම හමුව පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙහිදී ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම්, යුක්රේන යුධ ගැටුම්, මැතිවරණ මෙන්ම දෙරට අතර පවතින අමනාපකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අමෙරිකාව පවසා තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පින් 2017 වසරින් පසුව පළමු වරට අමෙරිකාවේ සංචාරයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content