අම්බලන්ගොඩ, මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසනවා .

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයකු බවයි පොලීසිය පැවසුවේ.

ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා .

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

 

WhatsApp Group

Skip to content