ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

ටජිකිස්තානයට සහ පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්.

ව්‍යාප්ත වන රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගය පිළිබඳ මේ දක්වා ලැබී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ව්‍යාප්තවන රෝගය කොවිඩ් වසංගත තත්ත්වයට සමාන වන බවයි.

මේ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ බග්ලාන් පළාතේ මාසයක් තුළ අවම වශයෙන් ළමුන් 50 දෙනෙකු ශ්වසන රෝග හේතුවෙන් මිය ගොස් ඇති බව තලේබාන් පාලනය යටතේ පවතින බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය සතියේ වාර්තා කර තිබුණා.

WhatsApp Group

Skip to content