අභියාචනාධිකරණයට නව විනිසුරුවන් සිව්දෙනෙකු පත්කර තිබෙනවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

මහාධිකරණ හිටපු විනිසුරුවන් වන කේ.එම්.ජී.එච් කුලතුංග මහතා , ඩී තොටවත්ත මහතා සඑ ආර්.ඒ රණරාජා මහතාව මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස පත්කර තිබෙනවා.

එමෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයෙකු වන එම්.එල්.බී ගොපල්ලව මහතා ද නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content