අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පස්වරු 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වෙනවා.

අභිනව අටමස්ථානාධිපති නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.

විජිනිපත පිළිගන්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවයට පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

අටමස්ථානාධිපති ධූරයෙහි වැඩවිසූ පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස පුජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් තේරී පත් වුනා.

https://www.vnews.lk/storage/2023/01/FEATURE_PALLEGAMA-HIMI.wav?_=1

පුජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේ ඇතුළු දූත පිරිසක් පැමිණ තිබෙනවා.

28 දෙනෙකුගෙන් සමන්විත තායිලන්ත බෞද්ධ දූත පිරිස අනුරාධපුරයේ පැවැත්වෙන උත්සවයෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වල නිරතවීමට සැළසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content