ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම මේ වනවිට යොදවා ඇති බවත් විදේශ රටවල් අපේ රට කෙරෙහි විශ්වාසය යළිත් තබා ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ ආධාර මත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලද බිත්තර රැක්ක වීමේ යන්ත්‍ර සහ විමධ්‍යගත අරමුදලින් කඩුවෙල ආසනයේ සමිති සඳහා නෙස්කැෆේ මැෂින් බෙදාදීම සඳහා පසුගියදා (30) අරංගල සණස ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
“අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත් අපි දිනාගෙන, බැංකු ක්‍රමය දිනාගෙන ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට රට ගෙන ආවා. අපි වැටුණු අර්බුදයේදී අපිට ජාත්‍යන්තරව එල්. සී එකක් ඕපන් කරන්න බැරි තත්ත්වයක් තිබුණා. එවැනි තත්ත්වයක් නැති අලුත් වාතාවරණයක් ශ්‍රී ලංකාවට උදා කර ගන්න අද පුළුවන්කම ඇතිවෙලා තියෙනවා. කාලයක් මූල්‍ය අර්බුදය නිසා විමධ්‍යගත මුදල් ලැබුණේ නැහැ. ගිය අවුරුද්දේ අයවැයෙන් විමධ්‍ය ගත සංවර්ධන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා පළාත් සභා ව්‍යාපෘතිවලට. ප්‍රගතියට අඩිය තබමින් තිබෙන අවස්ථාවක ප්‍රබුද්ධ ජනතාව සමග මේ මොහොත ගත කරන්නේ.
සමූපකාර අපේ රටේ ආරක්ෂාවක් ඒක නිසා අමාරුවෙන් හරි සණස ආදී විවිධ සංවිධාන ආරක්ෂා විය යුතුයි. අපේ සමාජයේ අමාරුවෙන් ජීවත්වෙන පිරිස හැටියට සහන ලබන්න රජය විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ. වැඩිහිටියන්, අඩු ආදායම්ලාභීන්, දුබල තත්ත්වයෙන් ජීවත් වන පිරිස් සඳහා ආධාර වැඩි කිරීමටත් අඛණ්ඩව ලබා දිය හැකි වෙනත් පහසුකම් ලබා දීමටත් පසුගිය වසරේ සිට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.”

WhatsApp Group

Skip to content