මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

අක්කර 10 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති රෝහලේ දැනට ක්‍රියාත්මක මෙන්ම අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති සහ 2030 දක්වා වු කාලය තුළ ක්‍රියාත්ම කිරිමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති කඩිනම්ව සහ ක්‍රමවත්ව සිදු කිරීම පිළිබදව අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශයේ (CECB) (විශේෂ ව්‍යාපෘති) බලයලත් වාස්තු විද්‍යාඥ එච්.ඩබ්.පී චන්ද්‍රසිරි මහතා විසින් රෝහලේ යෝජිත ඉදිරි සංවර්ධන කටයුතු සිදු කෙරෙන ආකාරය, එම සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී පැන නැගී ඇති ගැටලු හා එම ගැටලු නිරාකරණය සදහා ගන්නා ලද ක්‍රමවේදයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් දැනුවත් කරන ලදී.

WhatsApp Group

Skip to content