නාමයෝජනා භාරදෙන සෑම අපේක්ෂකයෙක්ම එදිනට සිය වත්කම් සහ බැරකම් භාරදීම අනිවාර්්‍ය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත අනුව ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරි වෙත නාමයෝජනා පත්‍රය සමග භාරදිය යුතු බවයි.

නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත් වන්නේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවටයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content