ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර කඩිනමින් ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රට ගොඩනැගිමට හැකි ශක්තිමත් කණ්ඩායමක් තමන් සමග සිටින බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ.

නීතිය ඉදිරියේ සැවොම සාමන යන සංකල්පයට යළි ජීවය ලබා දෙන බවයි දිසානායක මහතා සදහන් කළේ.

රට ගොඩනැගිම එක්වන සියලු පාර්ශවයන්ට දොරටු විවෘත බව ද ජනාධිපති අනුර දිසානායක මහතා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content