අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වනදාට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මෙවර අයවැය මගින් ඉහළ දැමු රාජ්‍ය සේවක දීමනාව ද අප්‍රේල් මස වැටුපට එක්කර ලබා දෙන බවයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට මෙම මස වැටුපට අමතරව තවත් රුපියල් දස දහසක මුදලක් එක්වනවා.

මේ අතර අප්‍රේල් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද එළඹෙන 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content