ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම මෙම වසරේ අප්‍රෙල් සහ මැයි මාස වල දී සිව් කොන් රග්බි තරගාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව, කසකස්තානය, කටාර් සහ ශ්‍රී ලංකාව සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය එළඹෙන අප්‍රේල් 30 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

කටාර් දේශය මෙම තරගාවලිය සඳහා සිය සහභාගීත්වය පළමුව තහවුරු කළ අතර, ආසියානු රග්බි සම්මේලනයේ සහය ද ඇතිව තරගාවලියට ඉන්දියාවේ සහ කසකස්තානයේ සහභාගීත්වය ද තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content