අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගම්පහ , කැළණිය සහ මීගමුව ප්‍රදේශවල අපරාධ සිද්ධී 35ක සම්බන්ධව ඇති බවයි.

එමෙන්ම මොහුට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු 12ක් නිකුත් කර ඇති බව ද පොලිසිය සදහන් කළා.

සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content