මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයන 18.6% කින් පහත වැටී ඇති අතර එම වියදම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙසයි.

නමුත් එම කාලය තුළ මෙරට අපනයන ආදායම ද ඩොලර් බිලියන 5.87 ක් දක්වා 10%කින් පහත වැටීම විශේෂත්වයක්.

මේ අතර පසුගිය ජුනි මාසයේ ආනයන වියදම 11.6% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම මාසයේ ඉන්ධන ආනයන වියදම 45%කින් වැඩිවීම මීට හේතුව බවයි.

පසුගිය ජුනි මාසයේ අපනයන ආදායම 19.5% කින් පහත වැටීම ද විශේෂත්වයකි.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන ප්‍රධාන වෙළෙඳපොළ වෙත ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම අඩුවීම ඊට ප්‍රධාන හේතුවයි.

මේ අතර මේ වසරේදී කිලෝග්‍රෑම් මිලියන 280 ක තේ නිෂ්පාදනයක් බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/08/RAMESH-PATHIRANA.mp3?_=1

WhatsApp Group

Skip to content