ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එක්වන ජන රැළි මාලාව අද සිට ආරම්භවනවා.

ඒ අනුව අද අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාතේ ජන රැළි තුනකට එක්වීමට නියමිතයි.

රුහුණ පෙරට – රට අනුරට යන තේමාව යටතේයි මෙම ජන රැළිය පැවැත්වෙන්නේ.

තංගල්ල , මාතර සහ ගාල්ල නගර කේන්ද්‍රකර ගනිමින් ජාතික ජන බලවේගය ජන රැළි සංවිධාන කර තිබෙනවා.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා ඊයේ මීරිගම වද්‍යාවාල පිරිවෙන් විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහ නායක පුජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තා.

WhatsApp Group

Skip to content