ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රාවෝ පවසනවා.

ඔහු පැවසුවේ ඉදිරි වාරික ලබා දීම සෑම මාස 6 කට වරක් ශ්‍රී ලංකාව මත සිදු කරන සමාලෝචන මත රඳා පවතින බවයි.

එමෙන්ම මාස 48ක කාලයක් සදහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය තීරණය කළා.

මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සදහා ධන බද්දක් ද මෙම වැඩසටහනට ඇතුලත් බවයි මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රාවෝ පැවසුවේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සදහා ඉතා වැදගත් පියවරක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසනවා.

ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය අවසන් කිරීමට නම් ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යූහගතකරණ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවට ජූලි චන්ග් අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content