දිවුලපිටිය නගරයේදී අනියම් පුරුෂයා විසින් අවුරුදු 26 ක කාන්තාවක පිහියෙන් කපා කොටා පලා ගොස් ඇත.

දිවුලපිටිය නගරයේදී යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයකු අවුරුදු 26 ක කාන්තාවකට පිහියකින් පහර දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා සහ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වද්දී පිහි ඇනුමෙන් තුවාල වූ කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම පහරදීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

පුරුෂයා සහ කාන්තාව ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දැනට තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දිවුලපිටි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරියකු පවසයි.

මෙම අනියම් පුරුෂයා කාන්තාවගේ බඩ ප්‍රදේශයට සහ පපුවට පිහියෙන් ඇන ඇති බව දිවුලපිටිය පොලිසියෙන් පවසයි.

පිහියෙන් ඇන පුද්ගලයා මේ වෙන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හේමා ලියනගේ මහතා පවසයි.

WhatsApp Group

Skip to content