සෙට්ටිකුලම පොලිස් වසමේ, පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 09 ක් වූ පිරිමි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

එම දරුවා, මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ ඇති ළිඳට මෙලෙස වැටී තිබෙනවා.

පසුව මව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩට ගෙන රෝහල්ගත කළද ඒ වන විටත් දරුවා මිය ගොස් සිටි බව අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content