යාපනය, කයිට්ස්, සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක තිබී එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක සහ අවුරුදු 05ක දැරියන දෙදෙනෙකු බවයි කයිට්ස් පොලිසිය සඳහන් කලේ.
අදාළ දැරියන් දෙදෙනා ඊයේ පස්වරුවේ පා පැදියක නැඟී අසළ පිහිටි වෙළඳසැලකට ගොස් තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් යලි නිවසර නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේ දී මෙම මළ සිරුරු වතුර වළේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content