නාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ෂෂෂ ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 60ක් සඳහා පත්වීම් ලබා දුන් අතර උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2,159ක් සඳහා ගුරු පත්වීම් ලබාදීම ද සිදු විය. දිවයිනේ ජාතික පාසල්වල පවතින අපොස උසස් පෙළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණවේදය, විදේශ භාෂා විෂයන්වල සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ විෂයන්වල ගුරු පුරප්පාඩු සඳහා සහ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරුපුරප්පාඩු සඳහා මෙම ගුරුවරුන් යොමු කෙරේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ රට මුහුණ දුන් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසු කරමින් වසර දෙකහමාරක් වැනි කෙටි කලක් තුළ අභියෝග ජයගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩි ම ගැටළු ප්‍රමාණයක් විසඳා ඇති පසුබිමක සැබෑ අභියෝග මගහැරි පිරිස් විවිධ විවේචන හා බාධාකිරීම් සිදු කිරීමට පමණක් නොපැකිළ ව ඉදිරිපත් ව ඇති බවයි. පන්ති කාමර තුළ බාධා රහිත ව අධ්‍යාපනය ඉඩ ප්‍රස්ථා හිමි වූ නිසා අද ගුරුපත්වීම්ලාභීන් වීමට හැකි වී ඇති අයුරින් අභියෝග ජයගැනීමේ නායකත්ව ලක්ෂණ දරුවන්ට උගන්වන ගුරුවරුන් වශයෙන් ඉතා සංවේදී අයුරින් මේ පිළිබඳ සිතා බැලිය යුතු බව ද නව පත්වීම්ලාභීන් අමතමින් හෙතෙම කී ය.

පසුගිය දශක පහක හයක පමණ කාලය තුළ මෙරට අධ්‍යාපන ක්‍්ෂේත්‍රයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වූ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම, ගුරු සේවාව ස්ථාපිත කිරීම වැනි පියවරයන් නිසා පාසල් විෂයමාලා සංවර්ධනය හා ගුරුභවතුන් බඳවාගෙන පුහුණු කිරීම සිදු කළ හැකි ව පවතින බවත් ඒ ඔස්සේ විවිධ අනපනත් ගෙන එමින් නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට ද වත්මන් පාලනය සමත් වූ බවත් අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව මෙම උපාධිධාරී ගුරු පත්වීම් පවා ලබා දීමට හැකි වූ බව ද හෙතෙම පැවසී ය.

WhatsApp Group

Skip to content