සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 දක්වා ජනතාව අපහසුතාවට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුවීම සහ විරෝධතා පාගමන් පැවැත්වීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

WhatsApp Group

Skip to content