පොළොන්නරුව මනම්පිටිය බස්රථ අනතුරින් මිය ගිය, අනන්‍යතාවය හෙළි කර ගැනීමට අපහසු වූ සිරුරු භූමදානය කර තිබෙනවා.

පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මිය ගියා.

එමෙන්ම තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.

රියදුරුගේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර එම බස්රථය බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදී ඇති බව ද පොලිසිය සදහන් කළා.

 

WhatsApp Group

Skip to content