අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය සදහන් කළේ හෙට සහ අනිද්දා දින දෙක තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකවනවා.

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේ සිය ගැටළු අවම මට්ටමින් විසදා ගැනීමට අවශ්‍ය ලිඛිත එකගතාවක් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි.

WhatsApp Group

Skip to content