ඉතාලි මුහුදු සීමාවේ අනතුරට පත්ව තිබු යාත්‍රා කිහිපයක සිටි සංක්‍රමණිකයින් පිරිසක් මුදා ගැනීමට එරට වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබෙනවා.

අනතුරටපත් යාත්‍රාවල සංක්‍රමණිකයින් 1300ක් පමණ සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මුදාගත් පිරිස කැලබි්‍රයා නගරයට සහ ක්‍රෝටෝන් වරයා වෙග රැගෙනවිත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙලෙස මුදාගත් තවත් සංක්‍රමණිකයින් 200 දෙනෙකු සිසිලි වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයකට රැගෙනවිත් ඇති අතර ඔවුන් කතානියා වෙත රැගෙන යාමටයි ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content