පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක තවත් බස් රථයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 21 දෙනා සහ තවත් ගුරුවරයෙකු ප්‍රතිකාර සඳහා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටි නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්.

WhatsApp Group

Skip to content