ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

කුඩා බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් අද අලුයම එම අනතුර සිදු ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

අනතුරින් තවත් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මඟීන් 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content