පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ රැසක් වාන් දමමින් පවතින අතර රාජාංගණ ජලාශයේ වාන් දොරටු 06ක් මේ වන විට විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අවදානම් නිවේදනය අද දිනය සඳහාත් වලංගු වන අතර, දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇගවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content