ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 ක පවුල් 28 ක පුද්ගලයින් 98 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ක`ඵතර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව සදහන්.

එම දිස්ත්‍රික්කයේම නිවාස 26 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර අද උදෑසන 7 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර ලක්ෂකන්ද ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර 91.5 ක් බව සදහන්.

කෑගල්ල, තල්දූව ප්‍රදේශයට මිලිමීටර 83.5 ක වර්ෂාපතනයක් සහ වරකාපොලට මිලිමීටර 63 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content