පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

පවතින උෂ්ණාධික කාලගුණය තවදුරටත් අධික විය හැකි බවටයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

මේ හේතුවෙන් රට පුරා රෝහල් රැසකින් හදවත් රෝගීන් වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ද අධික උෂ්ණත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සදහන්.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර ඉදිරි දින 3 ක කාලය පුරා එය බලපැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content