අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා.

ඒ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විමර්ශන සදහා රැගෙන යාමේදී වෙඩි තැබීම් මගින් මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් නොකිරීමට අදාළවයි.

එස් තුරෙයි රාජා, ඒ .එච්.එම්. ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරැ මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කළේ.

අත්අඩංගුවේ සිටි සැකකරැවෙකු පලායාමට තැත්කිරීමකදී සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියයාමේ සිද්ධියකට එම සැකකරැගේ බිරිද විසින් පෙත්මක් ගොණු කර තිබුණා.

එහි තීන්දුව ලබා දෙමින් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසයි.

කෙසේවෙතත් පොලිස්පතිවරයාට අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණය හමුවේ ඉදිරිපත් කරීමට නොහැකිව තිබුණා.

WhatsApp Group

Skip to content