අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල නියෝගය ලබා දී ඇති බව සදහන්.

අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස වෙතයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අද දහවල් 12 සිට හෙට උදෑසන 10 දක්වා කාලය තුළ මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොටුව දුම්රියපොළ දක්වා අදාළ අධිකරණ බල සීමාව තුළ මාර්ග භාවිතා කරන පුද්ගලයින්ට අවහිරයක් වන අයුරින් විරෝධතා පාගමන් පැවැත්වීම තහනම් කර තිබෙනවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 7 දෙනෙකුට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන පීඩාවක් ඇතිවන පරිදි කොළඹ කොටුව ඇතුළු ස්ථාන කිහිපයක උද්ඝෝෂණ හා පා ගමන් සිදු කිරීම වළක්වාලමින්.

WhatsApp Group

Skip to content