රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය මාර්තු 29 වන දා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

රාජ්‍ය සේවකයින් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 17 වන දායි.

කෙසේ වෙතත් වයස් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

අදාළ පෙත්සම මඟින් ඔවුන් පෙන්වා දී තිබුණේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව පවතින අතර අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට ගත් තීරණය නීතියට පටහැනි බවයි.

WhatsApp Group

Skip to content