වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය.

මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස අවබෝධ කර ගනිමින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සමස්ත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content