අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිල දැනුම් දීමකින් තොරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටු වෘත්තිය සංගමය පවසනවා.

දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බැහැරව සේවයට වාර්තා කරන ලෙසට විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තිය සමිතිවලින් අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ දින ඉල්ලීමක් සිදු කළා.

අදාළ අමාත්‍යංශය සදහන් කළේ ඔවුන්ගේ ගැටලු පිළිබදව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

WhatsApp Group

Skip to content