අද සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ අනුව විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/02/KANCHANA-WIJESEKARA-EDIT-02.mp3?_=1

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ලබාදුන්නා.

ඒ අනුව ඊයේ සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කින්.

ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇති. එය 261% ක වැඩිවීමක්.

ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% ක් බවද සදහන්.

මේ අතර විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබී ඇති බව එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසනවා.

මේ අනුව සභාපතිවරයා කියා සිටියේ ගාස්තු සංශෝධනයට අදාළ ප්‍රතිශතයන් අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි. මේ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා.

https://www.vnews.lk/storage/2023/02/KANCHANA-WIJESEKARA-EDIT-01.mp3?_=2

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ පසු විදුලි කප්පාදුව අත්හිටුවා අඛන්ඩව විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට උපදෙස් දී තිබෙනවා.

මේ ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කංචන විජේසේකර මහතා.

https://www.vnews.lk/storage/2023/02/KANCHANA-WIJESEKARA-EDIT-03-1.mp3?_=3

මේ විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/02/JANATHAWA-EDIT-1.mp3?_=4

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සියලු කර්මාන්ත නිෂ්පාදන සියයට 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ බත් පැකට්, රයිස්, සහ කොත්තු මිල සියයට 10කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවයි.

කෙසේ වෙතත්, ආප්ප ඇතුළු පිටි කෑම වල මිල ඉහළ නොදමන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වී එෆ්එම් ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/02/ASELA-SAMPATH-EDIT.mp3?_=5

WhatsApp Group

Skip to content