අද සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩුකර තිබුණා.

එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4,500කින් අඩු කිරීමට රජය කටයුතු කළා.

ඒ අනුව මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන ඵධඡ පොහොර මිල අද සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

ගොවීන්ට අද සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content