මෙම සතියේ පාර්ලිමේන්තු අද සිට ලබන 20 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග, රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ ඇති නියෝග පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content