මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 07 වැනිදා දක්වා දින 04ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පාර්ලිමේන්තු පෙරවරු 09.30ට රැස් වීමට නියමිතයි.

පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහායි.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නව විදුලිබල පනත පිළිබඳ තීරණය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙනවා.
අදාළ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහස් ලියවිල්ලක් ලෙස පසුගියදා කථානායකවරයාට යොමු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content