අද සිට කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ රට තුළ පවතින ඖෂධ හිගය ඇතුළු කරුණු තුනක් මුල්කරගනිමින් පසුගියදා මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට ද කටයුතු කළ බවයි.

තමන් රජය වෙතද යෝජනාවලියක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ බවද හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/01/HARITHA-ALUTHGE-EDIT-.mp3?_=1

මේ අතර විනිසුරුවරුන් දඩයමට එරෙහිව සහ නීතිඥවරුන් මර්ධනයට එරෙහිව විරෝධතාවක් අද පැවැත්වීමට නීතිඥවරුන් තීරණය කර තිබෙනවා.

කොළොඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද පස්වරු 1.00 ට එය පැවැත්වීමට නියමිතයි. කළු කබා අරගලය යන නමින් එය පැවැත්වෙනු ඇති .

WhatsApp Group

Skip to content