විදුලිබිල අඩු වීමට සාපේක්ෂව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්ලේන්ටි, කිරි තේ, බත්, රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල පහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, බත් පාර්සලයක් රුපියල් 25කින් හා ෆ්‍රයිට් රයිස් හා කොත්තුවක මිල රුපියල් 50කින් අඩු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම එළවළු රොටි ඇතුළු කෙටි ආහාරයක මිල රුපියල් 10කින් පහළදමා තිබෙන බවද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content