අද දිනය තුළ සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ජාතික අක්ෂි රෝහල තුළයි මෙම සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.

ජාතික රෝහලේ පවතින ගැටළු ඇතුලු ඉල්ලීමක් කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුවන්නේ.

 

WhatsApp Group

Skip to content