ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනය තුළ ද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ අද දිනය තුළ බස් රථ සේවා කිහිපයක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර අද දිනය තුළ බස් රථ සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයක් ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ දුර ගමන් සේවා බස්රථ අද දිනයේ අඩාල වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content