කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා.

ඒ අනුව පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර ඇත්තේ.

මෙහිදි පාර්ලිමේන්තුව ආරම්භයේදීම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සිය පක්ෂයෙන් නෙරපා හැරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සදහායි.

කතානායකවරයා විසින් ඒ පිළිබදව මෙලෙස සභාවට දැනුම් දුන්නා.

https://www.vnews.lk/storage/2023/10/KATHANAYAKA-EDIT-01.mp3?_=1

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34 ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින මෙලෙස නිවේදනය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/10/KATHANAYAKA-EDIT-02.mp3?_=2

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් විමසා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන එළව`ඵ වර්ග කිහිපයක් මෙරටට ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් මෙරට ගොවීන් පීඩාවට පත්කර ඇත්තේ ඇයිද යන්නයි.

https://www.vnews.lk/storage/2023/10/JAYANTHA-SAMARAWEERA-EDIT.mp3?_=3

මේ සදහා පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ආනයනය කරනු ලබන සියලු දෑ මෙරටට ගෙන එනු ලබන්නේ ප්‍රතිපත්තියකට අනුව වීම හේතුවෙන් මෙරට ගොවීන්ට ඒ තුළින් පීඩාවක් ඇති නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/10/RANJITH-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content