පාන් මිල අඩු කිරීම පිළිබද අද ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සමගය පවසනවා.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ ඊට අදාළ සාකච්ඡාවක් පසුගියදා පැවැති බවයි.

කෙසේ වෙතත් පාන් මිල අඩු කිරීම පිළිබද අවසන් එකගතාවක් එම සාකච්ඡාවලදී ඇති නොවු බවයි ජයවර්ධන මහතා සදහන් කළේ.

පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් කටයුතු නොකරන්නේ නම් ඒ සදහා පාලන මිලක් නියම කරන බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content