කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය දෙවන දිනටත් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊයේ දිනයේදී ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළ කර සිටියා.

මේ අනුව අද උදෑසන පාර්ලිමේන්තු ආරම්භයේදීම අදාළ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සහරාන් යන පුද්ගලයාට ඉහළින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මහ මොළකරුවෙකු සිටි බවයි.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-EDIT-2.mp3?_=1

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවජිර අබේවර්ධන මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/09/WAJIRA-EDIT.mp3?_=2

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක හෙළිදරව්ව තුළින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබදව ද යම් කිසි තොරතුරක් ලබා ගත හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/09/KIRIELLA-EDIT.mp3?_=3

මේ අතර හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා චෝදනා කර සිටියේ දේශපාලන වාසි ලබාගැනීම මූලික කරගනිමින් විපක්ෂය විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කිසිදු කටයුත්තක් සිදු නොකළ බවයි.

https://www.vnews.lk/storage/2023/09/SARATH-EDIT.mp3?_=4

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අතර මෙලෙස උණුසුම් සංවාදයක් ද ඇති වුණා.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-VS-SARATH-EDIT.mp3?_=5

WhatsApp Group

Skip to content