අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බවයි.

මේ අතර ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මෙන්ම බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට සහ වරකාපොල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මේ අද දින පවතින කාලගුණික තත්ත්වය පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

https://www.vnews.lk/storage/2023/09/ATHULA-KARUNANAYAKE-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content